පුළුවන්නම් මා ඉවත් කරනු – වාසුදේව
ආන්ඩුවෙන් ඉවත්වීමට තමන් සිත හදාගෙන ඇති බවත් නමුත් තමන් ආන්ඩුවෙන් ඉවත් නොවී සිටිමින් එළියට බැසීම සහ එළියට දැමීම අතර වෙනස ජනතාවට පෙන්වීමට තව දුරටත් බලා සිටින බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
වත්මන් ආන්ඩුව පවත්වාගෙන යාමට තවදුරටත් සහයෝගය ලබා නොදිය යුතු බව පවසන අමාත්‍යවරයා ආන්ඩුව විසින් තමන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව පවසනවා. තවද තමන් තවදුරටත් අමාත්‍යධූරයේ රාජකාරි නොකරන බවත් මෙම අමාත්‍යධූරයට වෙන කෙනෙක් පත් කරගන්න ආන්ඩුවට සිදුවන බවත් නානායක්කාර මහතා පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
වත්මන් ආන්ඩුවේ ජලසම්පාදන අමාත්‍යවරයා (කැබිනට්) වනුයේ වාසුදේව නානායක්කාර මහතායි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

