නවෝද්‍යාගේ පිත්තෙන් වාර්තගත ද්විත්ව ශතකයක්
දැන් ක්‍රියාත්මක අන්තර් පාසල් 19 පහල බාලිකා ක්‍රිකට් තරගාවලියේ තරගයක දී වාද්දුව මහ විද්‍යාලයේ නායිකා නවෝද්‍යා නෙත්මිණි නොදැවී ලකුණු 201ක වාර්තගත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වුනා.
ඇයගේ මෙම ද්විත්ව ශතකය පාසල් ක්‍රීඩිකාවක් 19 පහල ඕවර 30හේ තරගයක දී ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන අතර, ඕනෑම 19 පහල බාලිකා තරගයක දී ලබාගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද සැලකෙනවා.
පසුගිය සෙනසුරාදා (12) පැවති තරගයේ දී ඇය ලබාගත් ලකුණු 201 සඳහා හතරේ පහර 31ක් සහ හයේ පහර 03ක් ඇතුලත් වුනා. පන්දු 96කදී ලබාගත් මෙම ද්විත්ව ශතකය නිසාවෙන් වාද්දුව මහ විද්‍යාලය පන්දු වාර 30ක් තුල කඩුලු හතරක් දැවී ලකුණු 347ක් රැස් කරගන්නා අතර පිළිතුරු ඉනිමේ දී පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 37ක් පමණයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

