Latestදේශීය

වහාම ජනාධිපතිවරණයක් කැදවන්න – සජිත් ප්‍රේමදාස

වත්මන් අර්බුධ හමුවේ රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රට විනාසයි. දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ. එක්වෙමු කොළඹට යන තේමාව යටතේ කොළඹට රැස්වූ සමගි ජන බලවේගයේ නායකයින් මෙන්ම දහස් සංඛ්‍යාත ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජන රැලියක් පැවැත්වුවා. එහිදී අදහස් දැක්වූ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ආන්ඩුවට බැරි බව සුපැහැදිලි බවත්, බැරිවැඩ නොකර ආන්ඩුව බාර දී යන ලෙසත්ය.

තවද දැන් ආන්ඩුව කඩිනමින් කළ යුත්තේ වහාම ජනාධිපතිවරණයක් පැවැත්වීම බව ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා. තමන්ගේ නායකත්වයෙන් දේදුණු සන්ධානයක් නිර්මාණය කෙරෙන බව පැවසූ ප්‍රේමදාස මහතා ඩීල් දේශපාලනයට තමන් කිසිදු මොහොතක නොයන බව ද අවධාරණය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?