Latestවිදේශීය

ද්‍රෝහීන්ගෙන් රුසියාව පිරිසිඳුකරන බවට පුටින් අනතුරු අඟවයි

අමෙරිකාව සහ ඔවුනට පක්ෂපාතී අය වෙනුවෙන් කූඨලෙස වැඩකටයුතු කරන්නන් ගෙන් රුසියාව පිරිසිඳු කරන බවට රුසියානු ජනපති වැල්ඩිමිර් පුටින් අනතුරු අඟවනවා.

යුක්‍රේන ආක්‍රමණයෙන් සති තුනක් ගතවන මොහොතේ දේශීය විවේචකයින් ඉලක්ක කරගනිමින් රුසියානු ජනපති මෙසේ පැවසුවේ බටහිර සම්බාධක හමුවේ තමරට ආර්ථීක අවපාතයක අභිමුව සිටින අවස්ථාවකයි.

“ඕනම කෙනෙක්, විශේෂයෙන් රුසියානු ජනතාව දේශප්‍රේමින්ගෙන් ද්‍රෝහීන් වෙන්කර හඳුනාගන්න දන්නවා. අහම්බෙන් කටට ගිය මැස්සෙකු එලියට විසිකරන්නේ යම්සේද ද්‍රෝහීන් සහ ජරාව එලෙසම ඉවත්කරදැමීමට හැමවිටම පුලුවන්,” යැයි පුටින් පවසනවා.

රුසියාව විනාශ කිරීමට බටහිර උත්සාහ කරමින් සිටින බවට චෝදනා කරමින් ඔහු මෙසේද පැවසුවා. “මට විශ්වාසයි මෙම අත්‍යවශ්‍ය ස්වයං පිරිසිඳු කිරීම මගින් රුසියානු සමාජය ශක්තිමත් වන බව. එලෙසම සහයෝගීතාව සහ සහජීවනය වර්ධනය වනවා සේම ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම ඇතිවන බවත්.”

මේ අතරතුර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පුවත්පත් සාකච්චාවක් අතරතුර අසනලද ප්‍රශ්නයකට පිලිතුරුදෙමින් රුසියානු ජනපති පුටින් යුධ අපරාධ කරුවකු ලෙස හඳුන්වා තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *