Latestදේශීය

විසදුම් ඉල්ලා අ.වි.ශි.බ.ම. අදත් උසස් අධ්‍යාපන අමාත්‍යංශට

කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් 06 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරමින් විභාග ලබා නොදීමට සහ විශ්ව විද්‍යාල පද්ධතියේ අධ්‍යාපනය ලැබීම ඇති අයිතිය අහෝසි කිරීමට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් හමුවීමට කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අත්නර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණියා.

වසර 2ක් පුරා ක්‍රියාත්මක මර්ධනයට අදාල විසදුම් සොයාගෙන අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණි බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසුවේ.

CCTV සිද්දියක් භාවිතා කරමින් බොරු චෝදනා නගමින් විශ්වවිද්‍යාල නිදහස වෙනුවෙන් කතා කළ ශිෂ්‍යයින් විශාල සංඛ්‍යාවකගේ ශිෂ්‍ය භාවය අහෝසි කරමින් පන්ති තහනම් කළ බව පවසන මුදලිගේ මහතා ශිෂ්‍යයින්ගෙන් ලක්ෂ ගණනක් අනීතිකව මුදල් ලබාගැනීමට කැළණිය විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු කළ බව පවසනවා.

තවද තෙවන වසර කන්ඩායම් නායකයා හට විභාගයට සහභාගිවීමට අවස්ථාව ලබා නොදුන් බව පවසන වසන්ත මුදලිගේ මහතා මෙම ගැටලුවට කැළණිය විශ්ව විද්‍යාල පාලන අධිකාරිය උත්තර නොදුන් බවත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙම ගැටලුවට උත්තර නොදුන් බවත්, අධ්‍යාපන අමාත්‍යංශ‌යේ ලේකම්වරයාද මෙම ගැටලුවට උත්තර නොදී මගහැර ගිය බවත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ මහජන දිනය දවසේත් ඇමති හෝ අමාත්‍යංශ ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව පවසන මුදලිගේ මහතා මෙම ගැටලුවට ස්තීර විසදුම ලැබෙන තුරු දිගින් දිගටම සටන් ක්‍රියාමාර්ග තෝරන බව අවධාරණය කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?