ක්‍රීඩානවතම ලිපිවිදේශීය

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා බාර්ටි ක්‍රීඩවෙන් විශ්‍රාමයයි

ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිර්‍රිම් වල අංක එකේ ක්‍රීඩිකාව වන ඇශ්ලි බාර්ටි ක්‍රීඩවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනයකර තිබෙනවා.

විසිපස්හැවිරිදි ඕස්ට්‍රේලියනු ක්‍රීඩිකාව වෙනත් සිහිනයන් හඹායාමට තමන් මෙම තීරණයගත් බව සමාජජාල ගිණුමක අද සටහන්කලා.

පසුගිය ජනවාරි මස පැවති ඕස්ට්‍ට්‍රේලියානු විවෘත ශූරතාවලියත් සමග ඒකල ග්‍රැන්ඩ් ස්ලෑම් ශූරතා ත්‍රිත්වයක් ජයග්‍රහණය කර ඇති බාර්ටි සිය ප්‍රථම ග්‍රැන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගත්තේ 2019 වසරේ. එම වසරේදීම ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිර්‍රිම් වල අංක එකට පැමිණී බාර්ටි මේවනවිට සති 114ක් එම ස්ථානයේ රැඳීසිට තිබෙනවා. 2014 වසරේදී 17හැවිරිදි දැරියක ලෙස සිටියදී කෙටිකලක් ටෙනිස් ක්‍රීඩවෙන් සමුගත් බාර්ටි පැවසුවේ තමන් ඉතා කුඩා වයසේ සිටම එක දිගට සංචාරවල නිරතවීමට සිදුවීමෙන් සාමාන්‍ය ගැහැණු දරුවකු ලෙස ජීවත්වීමට ආසා කරනබවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?