මෙරට ආර්ථික බිදවැටීම යනු පාලකයින් ගත් තීරණවල ඵලයක් – ස්ටීව් හෑන්ක්
ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් ඊයේ (24) තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වත්මන් ආන්ඩුව අනුගමනය කරන අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා රට ආර්ථික වශයෙන් කඩා වැටෙන අයුරු විවේචනයට භාජනය කර තිබෙනවා.
පූර්ව ආරක්ෂක විධිවිධාන නොයොදා රුපියල පා කිරීමත් සමග ඇති වී තිබෙන බරපතල බිඳවැටීම ඔහුගේ විශේෂ අවධානයට යොමු වී ඇති අතර පවතින තත්වයට විසඳුම් ලෙස ශ්‍රී ලංකාව තුළ 1884 – 1950 අතර කාලයේ ක්‍රියාත්මක වූ ආකාරයේ මුදල් මණ්ඩලයක් පිහිටුවා විසඳුම් සෙවියයුතු බව මහාචාර්ය ස්ටීව් හෑන්ක් සිය ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.
මේ වනවිට මහබැංකුව, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතන ව්‍යූහවල ක්‍රියාකාරිත්වය කිසි සේත්ම පිළිගත නොහැකි බවයි මහාචාර්යවරයාගේ යෝජනාව තුළින් ප්‍රකාශ වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

