Latestදේශීය

ඔබගේ අයිතිය ගන්න, අනතුර ගැන සිහියෙන් ඉන්න – අනුර කුමාර දිසානායක

සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද වත්මන් අර්බුධයට එරෙහිව විරෝධය පෑමට අයිතිය ඇති බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එහෙත් වගකීම ගන්න කෙනෙක් නැති ගොනුවීමක දී අවංක මහජන විරෝධයන් පිටුපස ද අනතුරක් තිබිය හැකි බව දිසානායක මහතා වැඩිදුරටත් පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

අදාළ ප්‍රකාශය පහතින්,

රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.

සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.

එසේම ස්ව්‍යංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.

ජනතා විමුක්ති පෙරමුණ
2022 මාර්තු 31

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?