Latestදේශීයවිදේශීය

ඩොලර් ලක්ෂ තුනකට අධික මුදලක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු තානාපති වරද පිළිගනී

2013 වසරේ වොශින්ටන් ඩීසී හී නව තානාපති කාර්‍යාලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඩොලර් 332,027 අපයෝජනය කිරීමට උත්සාහ කිරීම සම්බන්යෙන් ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයකු වන ජාලිය වික්‍රමසූරිය මහතා වරද පිලිගෙන ඇති බව එක්සත් ජනපද නීතිපති කාර්‍යාලය පවසනවා.
වික්‍රමසූරිය මහතා 2008 සිට 2014 දක්වා ශ්‍රී ලංකා රජයේ එක්සත් ජනපද සහ මෙක්සිකෝ තානාපතිවරයා ලෙස සේවය කලා.
ඔහු පිලිගත් චෝදනාව සදහා උපරිමය වසර 5ක සිරදඬුවමක් සහ දඩමුදලක්ද ගෙවීමට සිදුවිය හැකියි. ඔහුට දඩුවම් නියම කිරීම 2022 ජූලි 22 දින සිදු කෙරෙනු ඇති.
අධිකරණ ලේඛන වලට අනුව 2012 වසරේ අග භාගයේ සිට 2013 නොවැම්බර් දක්වා කාලය තුළ වික්‍රමසූරිය මහතා විසින් වොෂින්ටන් ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා දේපළ වෙළඳාම් මිල ඩොලර් 332,027 කින් ඉහළ දමා ශ්‍රී ලංකා රජයේ මුදල් වංචා කිරීමට උපාය මාර්ගයක් සකස්කර තිබෙන අතර එම අරමුදල් නිශ්චල දේපල ගනුදෙනුවේ කිසිදු භූමිකාවක් නොමැති සමාගම් දෙකකට හරවා යවා තිබෙනවා. පසුව, වික්‍රමසූරිය මහතා විසින් එම මුදලට සමාන මුදල් ප්‍රමාණයක් රජයේ ගිණුම් වෙත හරවා යවා තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?