දේශීය

තිසර අනුරුද්ධ බණ්ඩාරට ඇප

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන විශ්වවිද්‍යාල ශිෂ්‍ය තිසර අනුරුද්ධ බණ්ඩාර මහතා ඇප මත නිදහස් තිබේ.

ඒ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ(02) රාත්‍රී ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පෙරේදා(01) මධ්‍යම රාත්‍රියේ මෙම තරුණයා ගම්පොල, ඇත්ගාල ප්‍රදේශයේදී කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව ඔහු ඊයේ (02) පස්වරුවේ මෝදර පොලිස් ස්ථානයේ රැගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් එහි රඳවා සිටියේ ය.

තිසර අනුරුද්ධ නිදහස් කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ නීතිඥවරුන්, සමාජ හා දේශපාලන ක්‍රියාකාරීන් රැසක් මෝදර පොලිස් ස්ථානයට පැමිණි අතර නීතිඥවරුන් ඔහු වෙනුවෙන් පෙනී සිට ඒ වෙනුවෙන් ක්‍රියා කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *