විදේශීය

පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවමින්  ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් බේරෙයි

පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් සිය රජයට එරෙහි විශ්වාසභංගයක් ගෙනඒම සඳහා පාර්ලිමේන්තුවට රැස්ව සිටියදී සජීවී රූපවාහිනී නිවේදනයක් ඉදිරිපත්කරමින් නව මැතිවරණයක් පවත්වන බව නිවේදනය කළා.

පාර්ලිමේන්තු සභා ගර්භය පුරා දැඩි ඝෝෂා පැතිර යද්දී,විපක්ෂ නායකයින් ඉම්රාන් ඛාන් ද්‍රෝහියකු බවට චෝදනා කරමින් සැලසුම් කළ පරිදි විශ්වාසභංග ඡන්දය පවත්වන ලෙස ඉල්ලා වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ප්‍රකාශ කළබව විදෙස් වාර්තා සඳහන් කළා.

ඉහළ යන උද්ධමනය සහ අනෙකුත් දේශීය අර්බුද කළමනාකරණයකිරීමට අපහසු උත්සහයක නිරතවන ඉම්රාන් ඛාන් බලයෙන් නෙරපා හැරීමට ප්‍රමාණවත් ඡන්ද ප්‍රමානයක් ව්‍යවස්ථාදායකයින් අතර සෙනසුරාදා වනවිට රැස් කර ගැනීමට එරට විපක්ෂ නායකයින් සමත්වී තිබුන බව සඳහන්.

දූෂිත දේශපාලන ක්‍රමය වෙනස්කිරීමට පොරොන්දුදෙමින් 2018 වසරේදී බලයට පැමිනි හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් තමන්ව බලයෙන් පහකිරීමට දරන උත්සාහය ඇමෙරිකානු සහය ලබන විදෙස් කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් බවයි පවසන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?