ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් නෙරපා හැරේ
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවකින් සිය ධුරයෙන් ඉවත් කර තිබේ.
විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 174 හිමිව ඇති අතර ඒ අනුව, විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍යවරයා බවට ඔහු පත් විය.
පසුගිය සතියේ පකිස්ථාන විපක්ෂ නායක ප්‍රමුඛ විපක්ෂය මෙම විශ්වාසභංගය ඉදිරිපත් වී තිබුණි.
අදාළ විශ්වාසභංග ඡන්ද විමසීම අධිකරණ නියෝගය අනුව ඊයේ (09) පැවැත් වූ අතර ඒ සඳහා ඉම්රාන් ඛාන් සහභාගි වී නොමැත.
ඉම්රාන් ඛාන්ගේ අගමැති ධුරය 2023 තෙක් තිබූ අවස්ථාවේ මෙලෙස ඔහුගේ ධුරකාලයෙන් ඔහුව නෙරපා තිබේ.
කෙසේ වෙතත් නව අගමැතිවරයෙකු පත්කර ගැනීම සඳහා පකිස්ථාන පාර්ලිමේන්තුව හෙට (11) රැස්වීමට නියමිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

