Latestදේශීය

උද්දිකට, නිමල් සිරිපාලට ඇමතිකම් දෙන්න වලිකනවා – විමල් වීරවංශ

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විමල් වීරවංශ මහතා පැවසුවේ නිමල් සිරිපාල සිල්වා මහතාට සෞඛ්‍ය අමාත්‍යධූරයත් උද්දික ප්‍රේමරත්න මහතාට සංස්කෘතික අමාත්‍යධූරයත් ලබාදීමට ආන්ඩු පක්ෂය යටි වැඩපිළිවෙලක් දියත් කරමින් සිටින බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා,

‘හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එයා තාම මැච් එක අතෑරලා නෑ.අපේ පක්ෂ එකොළහේ මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙක්ගෙ ගෙදරට යනවා රේණුක පෙරේරා බැසිල් රාජපක්ෂගේ කුක්කෙක්. සංජීව එදිරිමාන්න, බැසිල් රාජපක්ෂගේ හුරතල් සතෙක්.

ඊළඟට යනවා කැටගොඩ මන්ත්‍රීවරයා. පාන්දර දෙකට යන්නෙ. ආයේ උදේ අටහමාරට එන්නෙ. මොනවද යෝජනා කරන්නෙ. දෙන දොළපිදේනි ගැන ඇමතිකං ගැන. ඒ කියන්නෙ මේ බැසිල් රාජපක්ෂ කියන පාපතරයා තාමත් බලනවා මේ රටේ එක එක සෙල්ලම් වෙට්ටු දාලා මේක අල්ලගෙන ගැටගහලා තියාගන්න’

මේ මෙහෙයුමේ ක්‍රියාකාරීව ඉන්නවා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ.

මෙම වැඩපිළිවෙල කිසිසේත්ම ජයගැනීමට ඉඩ නොමැති බවත් අගමැතිවරයා ඇතුළු අමාත්‍යමණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවත් වීරවංශ මහතා මෙහිදී අවධාරණය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?