යුක්‍රේන ජනපති රුසියානු ජනපති අමතයි
යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ යුද්ධය අවසන් කර සාකච්ඡා සදහා පැමිණෙන ලෙසයි.
යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යුද්දය ආරම්භ කළ ඕනෑම අයෙකුට එය අවසන් කිරීමට ද හැකි ඇති බව තමන් සිතන බවයි.
රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට තමන් බිය නොවන බව ද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් දන්වා තිබේ.
මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යුක්‍රේන අගනුවර සංචාරයක නිරත වීමට නියමි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පසුව අමෙරිකානු නියෝජිතයෙකු යුක්‍රේනයේ සංචාරයක නිරත වනුයේ පළමු වරට බවත් එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

