දේශීය

21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා යෝජනා හෙට කැබිනට් මණ්ඩලයට

21 වන සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (25) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම හෙට පස්වරු 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ.

පසුගිය දිනෙක සමගි ජන බල‍වේගය,එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධින වූ මන්ත්‍රි කණ්ඩායම විසින් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම සඳහා සිය පක්ෂ වල යෝජනා පාර්ලිමේන්තුවේ දි කතානායකවරයා වෙත භාර දී තිබුණි.

ඒම යෝජනා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙත මේ වන විට යොමු කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයට යොමු කරන එම යෝජනා සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදි පාදක කර ගැනීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතව ඇත.

කතානායකවරයා සඳහන් කළේ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය කඩිනමින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනයේ ඇති අඩුපාඩු මගහරවා ගනිමින් සාධනීය වෙනස්කම් සිදු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය ලෙස ගෙන ඒමට පසුගියදා පාර්ලිමෙන්තුවේ පක්ෂ නායකයින් සිය එකඟතාවය පල කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?