Latestදේශීය

අගමැතිකමෙන් ගෞරවණීයව යන්න – දයාසිරි ජයසේකර

විශ්වාසභංගයකින් ඉවත් කරන තෙක් බලා නොසිට අගමැතිධූරයෙන් ගෞරවාන්විත ලෙස ඉවත් වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මහින්ද රාජපක්ෂ මහතාට පවසනවා.

අවස්ථා කිහිපයකදීම අගමැතිවරයාට මෙම යෝජනාව කළ බව පවසන ජයසේකර මහතා මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම අගමැතිධූරයේ සිටින්නට උත්සාහ කරන්නේ නම් කඩිනමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නට සිදුවන බව පවසනවා.

එලෙස විශ්වාසභංග යෝජනාවක් හරහා ඉවත්කරන්න සිදුවුවහොත් එය මහින්ද රාජපක්ෂ මහතාට තරම් නොවන නිසා ගෞරවාන්විත ලෙස සමුගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?