Latestදේශීය

උදයංගගෙන් නැවතත් බර අවි ප්‍රහාරයක්

පසුගිය දා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවැත්වූ අන්තර්ජාල මාධ්‍ය සාකච්ඡාවකදී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිකරන ලදි.

එම සාකච්ඡාව පවත්වා දින කිහිපයක් ගතවන විට අදාල වීඩියෝව ඉවත්කර ඇති අතර වීරතුංග මහතා පවසන්නේ එම වීඩියෝව ඉවත් කරන ලෙස චමුදිත සමරවික්‍රම මහතාට බලපෑම් එල්ල වී ඇති බව චමුදිත මහතා විසින් තමන්ට දැන්වූ බවයි. තම ඥාති සහෝදරයා වන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නැවතත් කරුණු දක්වමින් තම සමාජ මාධ්‍ය ජාලා ගිණුමේ වීරතුංග මහතා ඵල කර ඇති නිවේදනය මෙසේය.

මා හදිසි අනතුරකට ලක් වූ හොත්, මගේ නිවස ගිනි ගත්තොත්, හදිස්සියේ අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් මා සොයා පැමිණී යොත් මා තේරුම් ගන්නේ, ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙන්චයියන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි. එබැවින් මෙම මාධ්‍ය නිවේදනය, මගේ ජීවිත ආරක්ෂාවට එක් පියවරක් ලෙස මෙසේ නිකුත් කරමි. තවද එම වැඩසටහන මගේ මුහුණු පොත හරහා සහ පහත සදහන් යූ ටියුබ් නාලිකාව හරහා ඔබට නරඹන්න පුළුවන් බව ද දන්වා සිටිමි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?