Latestදේශීයවිදේශීය

ලංකාව වගේ වෙන්න හදන්න එපා – IMF ප්‍රධානී ලෝකයට කියයි

සමාජයේ සිටින දුප්පත් ම පිරිස් සඳහා රජයයන් ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා සඳහන් කර ඇත්තේ, එලෙස සහනාධාරයක් ලබා නොදීම සහ ඊට රාජ්‍ය අනුග්‍රහයක් නොමැති වුවහොත් ශ්‍රී ලංකාවේ මේ වන විට දක්නට ලැබෙන විරෝධතා වෙනත් රටවල ද ඇතිවිය හැකි බව ය.

වර්තමානයේ ඉහළ යන ජීවන වියදම සමග ලොව පුරා ජනතාව අපහසුතාවට පත් වෙමින් සිටින බව ත් ඔවුන්ට ආහාර සහ බලශක්තිය වෙනුවෙන් සහනාධාර ලබාදිය යුතු බව ත් ඇය අවධාරණය කර ඇත.

වඩා ත් සුදුසු වන්නේ, ඉලක්කගත ආකාරයකින් සෘජුව ම ජනතාවට සහනාධාර ලබා දීම බව ද ඇය පෙන්වා දී තිබේ.

බොහෝ රජයයන් සිය රටවල්වල ජනතාවට උපකාර කරන අතර එය ප්‍රමාණවත් නොවන බව ඇතැමුන් විවේචනය කරන බව ද ඇය පවසා ඇත.

මෙම වසරේදී ආහාර මිල වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර ඉන්ධන සහ ගෑස් මිල ද අභියෝගාත්මක ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලොව පුරා පැතිරුණු කොවිඩ් වසංගතය සහ රුසියානු – යුක්‍රේන යුද්ධය මීට ප්‍රධානතම හේතුව බව එම වාර්තා පෙන්වා දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *