ආර්ථිකය මෙතරම් අමාරුවේ වැටුනේ බැසිල් ඉවත් කළ නිසා – මහින්ද පතිරණ
අද ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට හේතුව බැසිල් රාජපක්ෂ මහතා හා පීබී ජයසුන්දර මහතා ඉවත් කිරීම බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.
2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීම අද පවතින සියළු අර්බුදවල මුල බව කියන්න ඕන. ඉන්පසු යහපාලනය විත් රටේ ආර්ථිකය විනාශ ම කරල දැම්ම. ඊට පස්සෙ ගෝඨාභය ආවා. ඒත් එක්කම වසංගතය ආවා. විදේශ විනිමය ආදායම් රටට අහිමි වුණා. 2015 පරාජය මේ සියළු කඩාවැටීම්වල මර්මස්ථානය වුණා.
මේ ආණ්ඩුව කරපු ප්‍රධාන වැරදි දෙකක් තිබුණා. එක පීබී ජයසුන්දර ඉවත් කිරීම. දෙක බැසිල් රාජපක්ෂ ඉවත් කිරීම. ලංකාවේ ආර්ථිකය එදා ඩොලර් බිලියන 22 ඉඳල බිලියන 80ට ගෙනාපු මේ දෙන්නට තරම් ලංකාවේ ආර්ථික ව්‍යාකරණය තේරෙන වෙන දෙන්නෙක් නැහැ. ඔවුන් ඉවත් කිරීම අපි අර්බුදය මැද ආතක් පාතක් නැතිව තනිකරල දැම්මා.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

