Latestක්‍රීඩා

ලංකාවේ සංචාරය කිරීම ඕස්ට්‍රේලියනු ක්‍රීඩකයින්ට සදාචරාත්මක ගැටලුවක්

ශ්‍රී ලංකාවේ ජනතාව වර්තමානයේ අත්විඳින තත්වයන්ට වඩා වෙනස් තත්වයන් තුල තරග සංචාරයක නිරතවීමේ සදාචාරාත්මක ප්‍රශ්නයක් තමන්හට පැනනගිනබව ජූනි සහ ජූලි මාසවල මෙරට තරග සංචාරයක නිරතවීමට නියමිතව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පවසනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ ප්‍රධාන විධායක ටොඩ් ග්‍රීන්බර්ග් උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් අවධානයෙන් පසුවන බවයි. 

ඉහළ යන ආහාර මිල,විදුලි කප්පාදුව සහ ඉන්ධන හිඟය වැනි ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන තත්වයන්ට වඩා වෙනස් තත්ත්වයන් තුළ සංචාරය කිරීමේදී අපහසුතාවයක් ඇති බව ක්‍රිකට් ක්‍රීඩකයින් පැවසීම සාධාරණ බවයි ග්‍රීන්බර්ග් පෙන්වාදෙන්නේ.

විදුලි ආලෝකය මධ්‍යයේ පැවත්වෙන තරග තුනකින්ද සමන්විත මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්. කෙසේවෙතත් තරග සංචාරය පෙර සැලසුම් කලපරිදි පැවැත්වෙනු ඇති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?