Latestක්‍රීඩා

මැතිවුස්ට පන්දුවෙන් දමා ගැසූ තයිජුල් ඉස්ලාම්ට දඩ

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දැන් ක්‍රියාත්මක දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඇන්ජලෝ මැතිවුස් හට පන්දුවෙන් දමාගැසූ දඟපන්දු යවන ක්‍රීඩක තයිජුල් ඉස්ලාම්ට දඩයක් නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණයකර තිබෙනවා.

තරගයේ තුන්වන දින ශ්‍රී ලංකා ඉනිමේ 69වන පන්දුවාරයේදී පන්දුව යවා පෙරලා රැකගත් පන්දුව මැතිවුස් වෙත එල්ල කරන ලද්දේ ඔහු විසින් ලකුණක් ලබාගැනීමට උත්සහ නොකරන ලද අවස්තාවකයි. මෙහිදී මැතිවුස් තම සීමාවෙන් එපිටට නොගිය අතර ඉස්ලාම් විසින් එල්ල කරන ලද පන්දුව ඔහුගේ ඇඟේ වැදීමෙන් ඔහු අපහසුතාවට පත්වුණා.

මෙම සිදුවීමට වරද පිලිගත් ඉස්ලාම්ට තම තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරකයින් විසින් තීරණය කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *