Latestක්‍රීඩා

මැතිවුස් සහ චන්දිමාල් ශතක වාර්තාකරයි

ඇන්ජලෝ මැතිවුස් සිය ක්‍රිකට් දිවියේ 13 වන ටෙස්ට් ශතකයත් දිනේෂ් චන්දිමාල් සිය 12 වන ටෙස්ට් ශතකයත් වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත්වුනා.

බංගලාදේශ කන්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කන්ඩායමේ හයවන කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සමග අගනා සම්බන්දතාවයක් ගොඩනගාගත් මැතිවුස් තම 13වන ශතකයත් සමගින් මේ වන විට තම කන්ඩායමට ලකුණු 400 සීමාව ඉක්මවායාමට හැකියාව සලසා තිබෙනවා.

ඔහුගේ නොදැවුනු ශතකය සඳහා හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් එල්ල කර තිබුනා.

මැතිවුස් ශතකය වාර්තාකර සුලු මොහොතකට පසු චන්දිමාල්ද තම ශතකය වාර්තාකල අතර ඒ වන විට ශ්‍රී ලංකා කන්ඩායම ඕවර 145ක් අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 420ක් රැස්කරගෙන සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *