Latestක්‍රීඩාදේශීය

යුපුන් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත්කරයි

කෙටිදුර ධවන ශූර යුපුන් අබේකෝන් මීටර 100 ජාතික වාර්තාව නැවතත් අලුත් කිරීමට ඊයේ දින ජර්මනියේ පැවති තරගයකදී සමත්වුනා.

ඒ එම ඉසව්ව තත්පර 10.06 ක කාලයකින් නිමකරමින්.

පසුගිය වසරේ ඔහු විසින්ම බිහිකර තිබූ ශ්‍රී ලංකා වාර්තාවෙන් තත්පර 0.09 ක කාලයක් අඩුකරමින් දැක්වූ ඔහුගේ මෙම නව වාර්තාව මේ වසරෙ ආසියානු ක්‍රීඩකයකු දක්වනලද ඉහලම මීටර 100 දක්ශතාවයයි.  

නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම නව දකුනු ආසියානු වාර්තාවක්ද වන මෙම දක්ශතාවය දක්වනලද තරගයේදී ඔහුවිසින් දෙවන ස්තානයට පත්කරන ලද්දේ මේ වසරේ ලොව වේගවත්ම මීටර 100 කාලයට (තත්පර 9.85) උරුමකම් කියන ප්‍රකට කෙන්යානු ශූර ෆර්ඩිනන්ඩ් ඔමන්යාලායි. මෙම තරගය නිම කිරීමට ඔහු විසින් ගත් කාලය වූයේ තත්පර 10.14 ක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *