Latestක්‍රීඩා

අවුරුදු 21 කට පසු වේගපන්දු යවන්නෙකුට කඩුලු දහයක්

බංගලාදේශයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු දහයක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-0 ලෙස  ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

මෙම ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල්වුණේ පන්දුවට පහර දීමේදී ඇන්ජලෝ මැතිවුස් සහ දිනේෂ් චන්දිමාල් දැක්වූ සං‍යමයත් පන්දු යැවීමේදී වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිතගේ දස්කම්.

මෙම තරගය පුරා බංගලාදේශ පිතිකරුවන්ගේ දවාගත් කඩුලු 20 න් 17ක්ම බිඳදමනු ලැබුවේ වේගපන්දු යවන්නන් විසින් වීම විශේෂයි. මෙහිදී අසිත ප්‍රනාන්දු විසින් ලබාගත් කඩුලු 10ය ශ්‍රී ලාංකීක වේගපන්දු යවන්නෙකු විසින් වසර 21කට පසු එවන් දස්කමක් දැක්වූ ප්‍රථම අවස්ථාවයි.

චමින්ද වාස් විසින් 2001 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කනණ්ඩායමට එරෙහි තරගයකදී කඩුලු 14 ක් ලබාගත් අතර ඉන් පසු වේග පන්දු යවන්නෙකු විසින් එක් තරගයකදී කඩුලු දහයක් ලබාගත් ප්‍රථම අවස්ථාවලෙස වාර්තා වන්නේ අසිත ප්‍රනන්දුගේ මෙම දක්ෂතාවයයි.

අසිත ප්‍රනාන්දු බංගලාදේශ දෙවන ඉනිමේදී කඩුලු 6ක් ලබාගනිමින් ඔවුන්ව ලකුණු 169 කට සීමා කිරීමට සමත්වුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?