Latestදේශීය

රාජපක්ෂවරු රුවන්වැලි මහසෑයට කළ අපරාධය නිසයි රටට මේ විපත් සිදුවෙන්නේ – ආචාර්ය අනුජ ජයසිංහ

රාජපක්ෂ පාලනය නිසා බුදු දහමට සහ ශාසනයට සිදුවී ඇති හානිය මෙතෙකැයි කිව නොහැකි බව ආචාර්ය අනූජ ජයසිංහ මහතා පවසනවා.

රාජපක්ෂවරු විසින් රුවන්වැලි මහා සෑයේ කෝටි 15,000ක මැණික් සොරකම් කර ඇති බවට චෝදනා කරන ජයසිංහ මහතා සෑයේ සවිකර තිබූ චූඩාමාණික්‍ය ද ගලවා ඒ වෙනුවට වීදුරු ගලක් සවිකර ඇති බවට චෝදනා කරනවා.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහා සෑය අභියස දිවුරුම් දුන්න ද ඒ අවස්ථාවේදීත් රුවන්වැලි මහා සෑයේ චූඩාමාණික්‍යය නොතිබුණු බව ද ඔහු පවසනවා.

නාසා ආයතනයේ උවමනාව මත රුවන්වැලි මහා සෑයේ ඇන්ටනාවක් සවි කරන ලද බව පවසන ජයසිංහ මහතා තමන්ගේ කරුණු සම්බන්ධයෙන් සැකයක් ඇත්නම් වහාම රහස් පොලීසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ආන්ඩුවට අභියෝග කරනවා.

මෙම අපරාධයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරු මෙන්ම රුවන්වැලි මහා සෑයේ නායක හාමුදරුවන් සහ තවත් හාමුදුරුවරු වග කිව යුතු බව ජයසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.

රටට මෙවන් විපත් සිදුවෙමින් පවතින්නේ රාජපක්ෂවරු කළ දේ තුළ වූ ශාපය නිසා බවයි ආචාර්ය අනුජ ජයසිංහ මහතා අවධාරණය කරන්නේ.

චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල වැඩසටහනකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

එම සම්පූර්ණ වැඩසටහන පහතින්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?