Latestදේශීය

ගෝඨාභය වෙනුවෙන් රනිල්ගේ ගැටය

ජනාධිපතිගේ බලය අත්තනෝමතික ලෙස එකතැන් කළ 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම පිළිබඳව දැඩි සාකච්ඡාවක් ඇති වී තිබෙන අතර අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එම අත්තනෝමතික බලය ඉවත් කරනවා වෙනුවට වෙනත් විවිධ යෝජනා ගෙනඑමින් ව්‍යවස්ථා උගුලක් අටවමින් සිටින බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෝ පෙන්වා දෙති.

පසුගිය 29 වෙනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබුණේ යළි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ තිබූ කාරක සභා ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බවය. සෘජුවම 20වන ව්‍යවස්ථාවේ බලතල ඉවත් කිරීම වෙනුවට මේ ආකාරයෙන් ජනතාව නොමග යවන සුළු වෙනත් උපක්‍රම අනුගමනය කිරීමට අගමැති පටන්ගෙන තිබේ. ඩොනමෝර් ව්‍යවස්ථාව 1931 සිට 1947 දක්වා ක්‍රියාත්මක වූ අතර සෝල්බර් ව්‍යවස්ථාව ඉන් පසුව 1972 දක්වාද එතැන් සිට 1977 දක්වා ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාද ඉන් පසුව 1978 සිට ක්‍රියාත්මක වන වර්තමාන ව්‍යවස්ථාවද වශයෙන් ව්‍යවස්ථා කඩඉම් තුනක් මේ වනවිට පසුකර ඇත.

එසේ තිබියදී යළිත් ඩොනමෝර් ආකෘතිය අනුව කාරක සභා 10ක් පිහිටුවන බවට රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ. මේ මගින් ඔහු දේශපාලනික උපක්‍රමයක් භාවිතා කරන අතර 2001 – 2004 කාලයේ අගමැති ධුරය දරමින් පෘතුග්‍රීසීන් ලංකාව ආක්‍රමනය කිරීමේ 200වෙනි සංවත්සරය මහ ඉහළින් සැමරීමටද සැලසුම් කළේය. එවැනි ආකාරයෙන්ම මේ අවස්ථාවේදීද ඉන්ග්‍රීසි අධිරාජ්‍යවාදී සමයේ තිබූ ප්‍රසස්ති ගායනා කරමින් සමාජය නොමග යැවීමට විවිධ උපක්‍රම දියත් කර තිබේ.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?