Latestදේශීය

ඇමතිකම් ගත් අයගේ ශ්‍රී. ල. නි. පක්ෂ තනතුරු ගලවයි

වත්මන් ආන්ඩුවේ අමාත්‍යධූර ලබාගෙන පක්ෂ එකගතාවය කඩකළ සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ අමාත්‍යධූර ලබා නොගෙන රජයට සහයෝගය දැක්වීම වුවත් එම එකගතාවය කඩ කරමින් අමාත්‍යධූර ලබා ගත් මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කරන බව සිරිසේන මහතා දන්වා තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධව

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූයේ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්‍ෂයක් ලෙස සහය දැක්වීමයි.

අදාළ එම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබාගන්නා යම් මන්ත්‍රීවරයෙකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කළ යුතු යැයි මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය වේ.

ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරු වලින් ඉවත් කෙරේ.

මෛත්‍රීපාල සිරිසේන
සභාපති,
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *