යුරෝපා සංගමයෙන් යුරෝ බිලියන 09ක්
රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේනයට ආර්ථික වශයෙන් සහය වීමට යුරෝ බිලියන 09ක් යුක්රේනයට ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
යුරෝපා සංගමයේ ප්‍රධානී චාල්ස් මයිකල් නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ තීරණය දැනුම් දුන්නා.
මේ අතර යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව තවත් දැඩි තීරණයකට එළඹ තිබෙනවා. ඒ රුසියානු තෙල් ආනයනය කිරීම උපරිමයෙන් සීමා කිරීමටයි.
සම්පූර්ණයෙන්ම රුසියානු තෙල් ආනයනය තහනම් කිරීම සඳහා එම සංගමයේ රටක් වන හංගේරියාව එකඟ නොවූ බැවින් යම් ප්‍රමාණයකින් තෙල් ආනයනය නවතා දැමීමට යුරෝපා සංගමය තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.
යුරෝපා සංගමයේ මෙම තීරණයත් සමග රුසියාවේ තෙල් අපනයනය 66%කින් අඩාල වනු ඇති බව චාල්ස් මයිකල් ට්විටර් පනිවුඩයක් මගින් පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

