Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා විස්සයි විස්ස කන්ඩායමට මතීෂ පතිරණව (පොඩි මාලිංග) නම්කරයි

අද දින දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන විස්සයි විස්ස ශ්‍රී ලංකා කන්ඩායම මීට සුලු වේලාවකට පෙර ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කන්ඩායම ට 18 දෙනෙකු ඇතුලත්. පසුගියදා අවසන්වූ ඉන්දියන් ප්‍රිමිය ලීග් ශූරතාවය සඳහා සහභාගිවූ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින් වන වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, දුශ්මන්ත චමීර සහ මහීශ් තීක්ශන මෙන්ම පසුගිය 19 පහල ලෝක ශූරතාවයට සහභාගිවූ දහනම හැවිරිදි මතීශ පතිරණද මෙම කන්ඩායමට ඇතුලත්කර තිබෙනවා.

මහනුවර ට්‍රිනිටි විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ මතීශ මෙවර පැවති ඉන්දියන් ප්‍රිමිය ලීග් ශූරතාවයටද සහභාගිවූ අතර එහිදී ඔහුයවනු ලැබූ පලමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වුනා. ලසිත් මාලිංගගේ පන්දුයැවීමට මදක් සමාන (round arm action) ඉරියව්වකින් පන්දුයවන පතිරණගේ පන්දුයැවීම ඉන්දියන් ප්‍රිමිය ලීගය තුල කතාබහට ලක්වුනා.

ශ්‍රී ලංකා කන්ඩායම: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවනිදු ප්‍රනාන්දු, ලහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහේෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *