Latestදේශීය

ඇතැම් දෙදරුම් සහිතව වුනත් සමස්ථ සමාජය සුපෝෂිත වන ආර්ථිකයක් – කුමාර් ගුණරත්නම්

ජාතික ජන බලවේයගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවන් ඉල්ලා සිටිය බවත් ජාතික ජන බලවේගය සමග සාකච්ඡාවට අවස්ථාවක් ලැබුනු බවත් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීමට තවම අවස්ථාවක් නොලැබුනු බවත් කුමාර් ගුණරත්නම් මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

දියවන්නාවෙන් එළයේ ජනතා බලයක් හදන්නට පක්ෂයක් ලෙස තමන් විශාල වෙහෙසක් දරමින් සිටින බව පැවසූ කුමාර් ගුණරත්නම් මහතා පසුගිය කාලයේ පාර්ලිමේන්තුවෙන් පිටත සිදුකළ අරගලය තුළින් ජනතාව මැදිහත්වී ජයග්‍රහණයන් ලබාගත් බව ද පවසනවා.

සමාජවාදය සාර්ථක ද අහන අය ධනවාදය සාර්ථක ද කියන ප්‍රශ්ණයට ඇතුළු නොවන බව පැවසූ ගුණරත්නම් මහතා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා පාලකයින් රටේ මහජන සම්පත් කොල්ලකන්න සහ විකුණා දමන්න දියවන්නාවෙන් ඇතුලේ කටයුතු කරන බව පවසනවා.

ජාතික කවුන්සිලයක් හරහා ජනතාවට බලය ලබා ගැනීම තුළින් ඕනෑම අවසථාවකදී තමන් පත් කළ නියෝජිතයින් පොදුජන අභිලාෂය ඉටුකරන්නේ නැතිනම් නැවත ඔවුන් කැදවන්නට හැකි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජනතාවට ලබා දිය යුතු බව වැඩිදුරටත් පවසනවා.

පසුගිය 09 වනදා ගෝල්ෆේස් අරගලයට මැර ප්‍රහාරයක් එල්ල කිරීම සහ ඉන් අනතුරුව රට පුරා සිදුවූ ප්‍රචන්ඩත්වය මහින්ද, ගෝඨාභය ඇතුළු පාලකයින් සැලසුම් සහගතව සිදු කළ ක්‍රියාවලියක් බවත් එම සිදුවීම්වලට යන්න ඉඩහැර හමුදාව හෝ අවශ්‍ය තැන්වටල ස්ථානගත නොකර සිදුවීම් වර්ධනය වන්නට උවමනාවෙන්ම ආන්ඩුව ඉඩ හැරිය බවත් ගුණරත්නම් මහතා වැඩිදුරටත් පවසනවා.

විජේදාස රාජපක්ෂ හෝ සමගි ජන බලවේගය ගෙන එන ලද 21 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන ජනතාවාදී ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මෙහිදී ගුණරත්නම් මහතා අවධාරණය කළා.

එම් සම්පූර්ණ වැඩසටහන පහතින්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?