Latestදේශීයවිදේශීය

රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ශ‍්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවයි

රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ගුවන් සමාගම ශ්‍රී ලංකාවට පැමිණෙන වානිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

එම ගුවන් සමාගම කොළඹ දී ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමද අත්හිටුවා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගුවන් සමාගමේ යානාවක් කටුනායකදී රඳවා ගැනීමේ සිදුවීමෙන් පසු මෙය සිදුකර ඇති බවයි.

මේ අතර රුසියාවේ විදේශ අමාත්‍යාංශය මොස්කවු ශ්‍රී ලංකා තානාපති කැඳවා අදාල සිදුවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ.

මෑත කාලයේ දී ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණීම රුසියානු කලාපයෙන් සිදුව ඇති අතර නව තත්ත්වයත් සමඟ සංචාරක ව්‍යාපාරයටද අයහපත් ලෙස බලපානු ඇති බව සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නෝ කියා සිටිති.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *