Latestදේශීය

දකුණු කොරියානු තානාපති ජනපති හමුවෙයි

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් (Jeong Woonjin) මහතා පවසනවා.

ඊයේ (16) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් වුන්ජින් මහතා මේ බව සඳහන් කළා.

පසුගියදා පැවති මැතිවරණයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ යුන් සුක් යෙයොල් (Yoon Suk-Yeol) මහතාට සහ ඔහුගේ පක්ෂය (People Power Party) ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සුභාශිංසන එක් කළා. දෙරට අතර 45 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ රාජපක්ෂ මහතා දකුණු කොරියානු රජය නිරන්තරයෙන් මෙරටට ලබාදෙන සහාය අගය කළා.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ රාජපක්ෂ මහතා තානාපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර පවතින තත්ත්වයෙන් මිදීමට දකුණු කොරියානු රජයේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බව පැවසුවා.

මෙරට තරුණයින්ට සිය රටින් ලබාදෙන රැකියා අවස්ථා සංඛ්‍යාව වැඩි කරගැනීම හා ව්‍යවසායකයින්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයේජනය සඳහා ඇරයුම් කරන ලෙස රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?