වසර තිහකට පසු ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලි ජයක්
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති හතරවන එක්දින ජාත්‍යන්තර තරගයේදී ලකුණු හතරක තියුණු ජයග්‍රහනයක් වාර්තාකරමින් තරගාවලිය 3-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලුවේලාවකට ප්‍රථම සමත්වුනා.
එය වසර 30 ට පසු මෙරට දී ඕස්ට්‍රේලියානු කන්ඩායමට එරෙහිව තරගාවලි ජයක් වාර්තා කල පලමු අවස්තාවයි.
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා විසින් හතරවන කඩුල්ල සඳහා එක්කල ලකුණු 101 ක අගනා සම්බන්ද තාවය සහ අසලංක රැස්කල ප්‍රථම එක්දින ශතකය ශ්‍රී ලංකාවට ලකුණු 258ක් රැස්කිරීමට උපකාරවුණා. පිලිතුරු ඉනිමේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දඟ පන්දුයවනන්ගේ ග්‍රහනයට හසුවූ අතර ඩේවිඩ් වෝනර් ලකුණු 99ක් ලබාතිබියදී ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට ධනංජය ද සිල්වා සමත්වීම තරගයේ ජයග්‍රහනයට බෙහෙවින් ඉවහල් වූනා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

