Latestක්‍රීඩා

චාමරීගේ ප්‍රවේගකාරී පිතිහරඹය ශ්‍රී ලංකාවට ප්‍රථම ජය ගෙනෙයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කනණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව තුල වාර්තාකල ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරග ජයග්‍රහණය සටහන් කිරීමට චමරී අතපත්තුගේ ප්‍රවේගකාරි පිති හරඹයත් සමග ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩයම අද සමත්වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 139ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එය සපුරා ගත්තේ පන්දුවාර තුනක් ඉතිරිව තිබියදී. අදදින වාර්තා කල මෙම ජයග්‍රහනයත් සමග ඉන්දියාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුනා.

නායිකා චාමරී අතපත්තු පන්දු 48කට මුහුණදී නොදැවී ලකුණු 80ක් රැස්කල අතර ඒ සඳහා හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් ඇතුලත්වුණා ශ්‍රී ලංකාව මින්පෙර ඉන්දියාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරග 12 ක් පිට පිට පරාජයවී තිබුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *