ක්‍රීඩාදේශීය

මේස පන්දු ජාතික ශූරතා ජය නිමේෂ් රංචාගොඩට සහ බිමන්දී බණ්ඩාරට

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය විසින් සංවිධානය කරනලද 75 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේ පිරිමි සහ කාන්තා කේවල ශූරතා පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිමේෂ් රංචාගොඩ සහ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර දිනා ගත්තා.

සතිඅන්තයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලද තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගයේදී නිමේෂ් රංචාගොඩ විසින් කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ වරුසවිතාන 4-1ක් ලෙස පරාජය කරමින් (11-9, 11-13, 11-6, 11-9, 11-6) සිය මංගල ජාතික ශූරතාවය ජයග්‍රහණය කළා. 
පිරිමි යුගල ශූරතාවය ජයගත්තේ නිමේෂ් රංචාගොඩ සහ ඔහුගේ සොහොයුරු තිසස් රංචාගොඩයි. ඔවුන් විසින් පරජය කරනු ලැබුවේද සහෝදර යුගලයක්වන හිරුණ වරුසවිතාන සහ සුපුන් වරුසවිතානයි.

කාන්තා අවසන් තරගයේදී බිමන්දී බණ්ඩාර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මනීෂා ශලින්දි 13-11, 11-5, 11-8, 12-10 ක් ලෙස පරාජය කරමින් සිය දෙවැනි ජාතික ශූරතාව දිනා ගැනීමට සමත් වූවා. ඇය මුලින්ම ජාතික ශූරතවයක් ජයගත්තේ 2018 වසරේදීයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *