Latestක්‍රීඩා

ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල ඉහලට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්තාවක්

හෙට දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රභල ඕස්ට්‍රේලියා කන්ඩායම පරාජයට පත්කලහොත් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල ඉහලට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්තාව හිමිවනවා.

මේවනවිට ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල අංක එකේ කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

එම ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ හත්වන ස්ථානයේයි.

2016 වසරේ ඕස්ට්‍රේලියා කන්ඩායමේ ශ්‍රී ලංකාවේ සංචාරයේදී ඔවුන් 3-0 ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත්වුනා. වෝන්-මුරලි ශූරතාවය සඳහා පැවැත්වෙන මෙම තරගාවලියේදී එවන් දස්කමක් දැක්වීම ශ්‍රී ලංකාවට තරමක අභියෝගයක් වනු ඇතිබවයි විචාරකයින් සඳහන් කරන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *