සමිත දුලාන් F44 හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාව අලුත් කරයි
පැරාලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නව ලෝක වාර්තාව සටහන් කිරීමට කිරීමට අද උදෑසන සුගතදාස ක්‍රීඩාපිටියේ පැවති ආබාධිත ක්‍රීඩා උලෙළේදී සමත්වුණා.
ඒ F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර 66.60 ක දුරක් වාර්තා කරමින්.
එම ඉසව්වේ ලෝක වාර්තාව පැවතියේ පසුගිය ටෝකියෝ පැරලිම්පික් පදක්කම් ලාභී ඕස්ට්‍රේලියානු ජාතික Michal Burian ගේ නමටයි. ඕහු විසින් තබා තිබුනු වාර්තාව වූයේ මීටර 66.29ක්. ප්‍රවීන විසිකිරීමේ ඉසවු පුහුනුකරු ප්‍රදීප් නිශාන්ත යටතේ පුහුණුව ලබන දුලාන් කොඩිතුවක්කු සිය ටෝකියෝ පැරාලිම්පික් පදක්කම සඳහා විසිකරනු ලැබූවේ මීටර 65.61ක දුරක්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

