පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් 165ක කණ්ඩායමක්
එළඹෙන පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජණය කරමින් 165 ක කණ්ඩායමක් සහභාගි වනබව ජාතික ඔලිම්පික් කමිටුව අද නිවේදනය කලා.
පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිවේදනය කිරීම සඳහා අද උදෑසන පැවති මාධ්‍ය සාකච්චාවකදී ඔලිම්පික් කමිටු නිලධාරීන් ප්‍රකාශ කළේ ක්‍රීඩා 15ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 114 දෙනෙකුත් නිලධාරීන් සහ කන්ඩායම් සහයකයින් 51 දෙනෙකුත් මෙවර ක්‍රීඩා උළෙලට සභාගි වනබවයි.
එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි මස 28 වෙනිදා ආරම්භවී අගෝස්තු 8 වනදා දක්වා ක්‍රියාත්මකවනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

