Latestදේශීය

දුම්රිය මැදිරි 250ක් අළුත්වැඩියා කර ධාවනයට – බන්දුල ගුණවර්ධන

ධාවනයෙන් ඉවත්කර ඇති වසර විසිපහකට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කොට ධාවනයට යොදා ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ඊයේ (02) දින දෙමටගොඩ දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීම සඳහා ස්ථාපිත කර ඇති තන්ත්‍රී (Tantri) සමාගම් අංගනයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු දුම්රිය බලධාරීන්ට මෙලෙස උපදෙස් දෙන ලදී.

නව දුම්රිය මැදිරියක් ආනයනය කිරීම සඳහා රු.මිලියන 200 ක් පමණ වැයවන අතර දුම්රිය මැදිරි අලුත් වැඩියා කිරීම සඳහා දෙමටගොඩ ස්ථාපිත කර ඇති තන්ත්‍රී (Tantri) සමාගමෙන් මැදිරියක් අළුත්වැඩියා කිරීම සඳහා වැයවන්නේ රුපියල් මිලියන 20ක් පමණි.

මේ වන විටත් එම සමාගම මඟින් රුමේනියන් දුම්රිය මැදිරි හා බලවේග කට්ටල මැදිරි 200 ක් අලුත් වැඩියා කොට ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා භාරදී ඇත.

ඉන්ධන අර්බුධයත් සමඟ වැඩි මගී ප්‍රමාණයක් දුම්රියෙන් ප්‍රවාහන කටයුතු සලසා ගැනීමට යොමු වී ඇති බැවින් වැඩි මැදිරි ප්‍රමාණයක් ධාවනයට යෙදවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා අවධාරණය කරයි.

මෙම නිරීක්ෂණ චාරිකාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්.ආර්.ප්‍රේමසිරි ,දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර යන මහත්වරුන්ද සහභාගී විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?