Latestදේශීය

අගමැතිකම බාර ගන්නනම් ජනාධිපති යා යුතුමයි – අනුර කුමාර දිසානායක

තමන් අගමැතිධූරය බාර ගැනීමට සූදානම් නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ කිසිදු තනතුරක් බාර ගැනීමට කිසිසේත්ම ක්‍රියා නොකරන බව ජාකික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින් ඒ මහතා මෙම අදහස් ඵලකළා.

මාස 6ක කාලයක් තුළ සියලු ප්‍රශ්ණවලට විසදුම් ලබා දීමට නොහැකි බවත්, ආහාර, ඉන්ධන, ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ සදහා නිෂ්චිතවම විසදුම් ලබා දිය හැකි බවත් ඒ හරහා පාසල්, මෙන්ම රාජ්‍ය ආයතන විවෘත කර රට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවා.

රට තුළ මුල්බැස ඇති ගැඹුරු ප්‍රශ්ණ විසදීම සදහා මාස 6කින් වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එම මැතිවරණයෙන් ජනතා වරමින් පත්වී රට ගොඩනගන්න සහ දිගුකාලීන විසදුම් සදහා ක්‍රියාකරන්න හැකි බව මෙහිදී දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?