Latestක්‍රීඩාදේශීය

චන්දිමාල් වාර්තා පොත් අලුත් කරයි

දිනේශ් චන්දිමාල් සිය ක්‍රිකට් දිවියේ ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලබාගනිමින් ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 554 ක් දක්වා ඉහලට ගෙනයාමට සමත්වුනා.

පන්දු 326 කට මුහුණදෙමින් චන්දිමාල් විසින් නොදැවී රැස්කල ලකුණු 206 ශ්‍රී ලංකා පිතිකරුවකු ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් වැඩිම ලකුණූ සංඛ්‍යාව ලෙසින් වාර්ථාගත වුනා.ඔහුගේ අනර්ඝ ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහර පහක් ඇතුලත්.

මින් පෙර ශ්‍රී ලංකා පිතිකරුවෙකු ඕස්ට්‍රේලියවට එරෙහිව ලබාගත් වැඩිම ලකුණූ සංඛ්‍යාව වුයේ කුමාර් සංඝක්කාර විසින් හොබාර්ට් හිදී රැස්කල ලකුණු 192යි. පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 554 ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන්වනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *