තෙල් රුපියල් 250ට දෙන්න පුළුවන්ද – කෝප් කමිටුව සියලු පාර්ශව කැදවයි
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් කෝප් කමිටුවට කැඳවීම පිළිබඳ කෝප් සභාපතිවරයාගේ විශේෂ නිවේදනය…
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත (12) පෙරවරු 10.00 ට කැඳවීමට නියමිතව තිබූ නමුත්, රටේ පවතිනදේශපාලන තත්ත්වය හේතුකොටගෙන උක්ත රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පසුගිය කෝප් කමිටු රැස්වීමේදී සිදු කරන ලද පෞද්ගලික ප්‍රකාශය හේතු කොටගෙන ඛණිජ තෙල් මිල සම්බන්ධව රට තුළ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විය. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ එම ප්‍රකාශය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතව තිබිණි.
රටේ තත්ත්වය සමනය වූ පසු මෙම කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට තීරණය කළ බවද කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

