Latestදේශීය

ජනාධිපති ‌ඉවත් නොවුනොත් ප්‍රතිචාරය මීට වඩා ප්‍රභලයි – කුමාර්

නව ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත්වුවද ඔහු අරගලයේ අභිලාෂයන් සමග සම්මුතිගත විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරනවා.

එහි ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්න මහතා සඳහන් කරන්නේ රාජපක්‍ෂ පාලනයට තිබූ ජන වරම අහෝසි වී ඇති බවත් දැන් රට තුළ පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලයක් නිර්මාණය වී තිබෙන බවයි.

එනිසා එම මහජන බලය නොකනා කිසිවකුට දේශපාලන තීන්දු ගත නොහැකිවනු ඇතැයි ද ගුණරත්න මහතා පවසනවා.

රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කල කිසිවෙකු ජනාධිපතිකමට සුදුසු නැති බවත් පවසන කුමාර් ගුණරත්නම් මහතා, මෙරට වාමාංශිකයන් බහුතරයක් මෙන්ම තමන්ද පවතින ව්‍යවස්ථාව පිළිනොගන්නා බවත් එමනිසා සැමට පිළිගත හැකි ව්‍යවස්ථාවක් ඉක්මනින්ම සම්පාදනය කිරීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරනවා.

අරගලය මෙහෙයවන්න පෙරටුගාමීන් හිටි බව තමන් පිළිගන්නා බවත් පවසන ඔහු අගමැතිවරයාගේ නිවස ගිනි තැබීම කුමන්ත්‍රණයක් බවත් ඊට අරගලකරුවන් සම්බන්ධ නැති බවත් කියා පවසනවා.

ජනාධිපති ඉවත් වන බව පවසා ඇතත් ඒ ගැන විශ්වාස නැතැයිද පවසන ඔහු ඉවත් නොවුනොත් ජනතාව මීට වඩා ප‍්‍රතිචාර දක්වනු ඇතැයිද පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?