උද්ඝෝෂණවලට කල් ඉකුත් වූ කදුළු ගෑස් ගහලා

පසුගිය දිනවල රටේ විවිධ ස්ථානයන් හී පැවති සාමකාමී උද්ඝෝෂණ සදහා එල්ල කළ ප්‍රහාරයන් සදහා කල් ඉකුත් වූ කදුළු ගෑස් භාවිතා කර ඇති බවට අරගලකරුවන් චෝදනා කරනවා.

කොටුව ජනාධිපති මන්දිරය අසල සහ  අරලියගහ මන්දිරය අසල (09) අගමැති කාර්යාලය අසල (13) මෙන්ම විවිධ ස්ථානයන් හී උද්ඝෝෂණයේ නිරථව සිටි බොහෝ දෙනෙක් මේ වන විට කදුළුගෑස් ප්‍රහාරයට එල්ල වී උණ රෝගයෙන් සහ විවිධ රෝගීතත්ත්වයෙන් පීඩාවිදිමින් සිටිනවා.

 මේ අතර  පසුගිය 13 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය අසල මෙන්ම ගෝල්ෆේස් අරගලභූමිය අසලින් ඉතා පහතින් හමුදා හෙලිකොප්ටර් යානා ගමන් කරවීම තුළින් වත්මන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ ආන්ඩුවටත් එහා මිලිටරි බලය ප්‍රදර්ශනය කරමින් සිටින බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.