ක්‍රීඩාදේශීය

බර්මිංහැම් යන බර ඉසිලීමේ කණ්ඩායමේ නායකත්වය ඉන්දික චතුරංගට

එංගලන්තයේ බර්මිංහැම් නගරයේ දී ක්‍රියාත්මක කිරීමට  නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය  ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්  10 දෙනෙකුගෙන් සැදුම්ලත් බර ඉසිලීමේ කණ්ඩායමේ නායකත්වය ඉන්දික චතුරංග දිසානායක ට හිමි වී තිබෙනවා.

ඉන්දික චතුරංග දිසානායක පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ක්‍රීඩකයින් අතර කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පන්තියේ තෙවැනි ස්ථානය ට ශ්‍රේණි ගතව සිටිනවා.

ජාත්‍යන්තර මට්ටමේ බර ඉසිලීමේ පදක්කම් රැසක් දිනා ගෙන සිටින ඔහු 2018 වසරේ පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමකට හිමිකම් කියන්නට සමත් වුනා.  ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ දී මෙන්ම දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී ද පදක්කම් රැසක් දිනා ගෙන තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *