Latestදේශීය

ජෝසප් ස්ටාලින් ඇතුළු අරගලකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා රටපුරා විරෝධතා

ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු අත්අඩංගුවට ගන්නා ලද වෘත්තීය සමිති නායකයන් මෙන්ම සියලු අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස ආන්ඩුවට බල කරමින් කොටුව දුම්රිය පල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති අතර විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්වෙනවා.

මේ අතර අද දින දිවයිනේ ප්‍රදේශ රැසක මෙම විරෝධතාවයට සමගාමීව උද්ඝෝෂණ මාලාවක් පැවැත්වෙන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *