දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්
නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑලිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට සුළගේ වේගය පැ.කි.මී. 60 පමණ දක්වා වැඩිවිය හැකි අතර උතුරු, උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය කි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

