Latestදේශීය

බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් – ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්

බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා මහතා ඊයේ(04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයට පිලියමක් වශයෙන් පළාත්බද හා අන්තර් පළාත් බස්රථ වලට ඉන්ධන ලබා දීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා සිදු කෙරේ. ඊට අමතරව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් අනතර් පළාත් බස්රථ සඳහා ඉන්ධන ලබා දීම මේ වන විට ක්‍රියාත්මකව පවතී.

ඒ අනුව, අද (05) සිට බැස්ටියන් මාවත බස් පර්යන්තයේ සිටත් අනතර් පළාත් බස්රථ සඳහා ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත්, එමඟින් ඉන්ධන ලබා ගැනීමට මඟී ප්‍රවාහන බස්රථ මුහුණ දෙන ගැටලුවට සහනයක් වශයෙන් එය ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම, පාසල් සේවය සහ සිසු සැරිය බස්රථ වලටත් මේ හරහා ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *