මර්දනයෙන් අරගලය නවත්තන්න බැහැ – මහානාම හිමි
රටේ ප්‍රශ්ණවලට විසදුම් ලබා දෙනවා වෙනුවට මර්දනයට කැදවීමෙන් අරගලය නැවැත්විය නොහැකි බව කොස්වතතේ මහානාම හිමි පවසනවා.
ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහානාම හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසුවා,
මේ වනවිටත් මැගසින් බන්ධනාගාරය ඇතුලේ සිරගත කර සිටින්නේ ජනාධිපති මන්දීරයට ඇතුළු වුනා කියලා, ජනාධිපති පුටුවේ වාඩි වුනා කියලා අත්අඩංගුට ගත් අරගලකරුවන්. නමුත් අද කවුද ජනාධිපති පුටුවේ ඇත්තටම වාඩි වෙලා ඉන්නේ, මහදවල් මහබැංකුව කඩපු මහහොරා ඒ පුටුවට ඇවිත් ඉන්නේ.
අපි මේ අරගලයට ආවෙම රාජපක්ෂලාගේ රනිල් වික්‍රමසිංහලාගේ මර්දනය දැනගෙන. අපිව මර්දනය කරලා මේ අරගලය නතර කරන්න පුලුවන් කියලා හිතනවානම් ඒක විහිලුවක්. අපි මේ අරගලය දිනලා මිසක් නතර වෙන්නේ නැහැ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

