මන්ත්‍රිවරු හිග තෙල් සල්ලි ඉල්ලති
මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනා වැඩි කිරීමෙන් පසු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාස කිහිපයක හිග ඉන්ධන දීමනාව ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි.
නමුත් කතානායකවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මාස පහක පමණ කාලයක් ලබා දුන්නේ පැරණි මිල ගණන් යටතේය.
මෙය නමුත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් මත නව මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ලබා දීමට පසුගිය සතියේ සිට පියවර ගෙන ඇත.
අනුව බැහැර ප්‍රදේශයක මන්ත්‍රීවරු ඉන්ධන දීමනා වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් අමතරව හිමිවෙයි.
නව මිල ගණන් අනුව ගලපා ඉන්ධන දීමනාව ලබා දුන් පසු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ හිග ඉන්ධන දීමනාවද කතානායකවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

